ශ්‍රී ලංකා පොලිසිය ගැන මෙවැනි සටහන් සමාජ මාධ්‍යයේ පළ කරන අය සොයා විමර්ශනයක්

Report

මහා ජනතාව තුළ පොලිසිය කෙරෙහි වෛරය සහ අප්‍රසාදය ඇතිවන ආකාරයට ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයට හානි කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය ලිඛිත සටහන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා ඇත.

ඒ අනුව නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ පොලිස් මූලස්ථානය විසින් කරන ලද පැමිණිල්ලකට අඳාළව මෙහි විමර්ශන කටයුතු ආරම්භ කළ බවයි.

මේ නිලධාරීන්ගේ දිමනාත් දෙවරක් බැංකු ගතවෙලා - මුදල කිසිසේත්ම ලබා නොගන්නයි දැනුම්දීමක්

මේ නිලධාරීන්ගේ දිමනාත් දෙවරක් බැංකු ගතවෙලා - මුදල කිසිසේත්ම ලබා නොගන්නයි දැනුම්දීමක්

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයට හානියක් වන අයුරින් සහ මහජනතාව තුළ පොලිසි ස්ථානය කෙරෙහි වෛරය සහ අප්‍රසාදය ඇතිවන අයුරින් සමාජ මාධ්‍ය තුළ ලිඛිත සටහන් සංසරණය වෙමින් පවතින බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර අධිකරණයට කරුණු වර්තා කරන මෙන් නියෝග ක‍ර තිබෙන බව සඳහන්.

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

ජූනි 15 සිට රටටම වෙන්න යන දේ මෙන්න - රජයෙන් විශේෂ සතියක් ප්‍රකාශයට

ජූනි 15 සිට රටටම වෙන්න යන දේ මෙන්න - රජයෙන් විශේෂ සතියක් ප්‍රකාශයට