කුඩු සහ අයිස්වලට වැදුණු මරු පහර - දැන්ම අමතන්න

Report

අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා ''රටම එකට ජාතික මෙහෙවර'' වැඩසටහන පිළිබදව පැහැදිලි කළහ.

“රටම එකට ජාතික මෙහෙවර” වැඩසටහන යටතේ දිවයින පුරා සිදුකරන සෝදිසි කිරීම්, වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් තවදුරටත් තීව්‍ර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

ඒ අනුව, දින වරෙන්තු 41,850ක් සහ විවෘත වරෙන්තු 25,376ක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් මත්ද්‍රව්‍ය වැටලීම් රැසක්ද සිදුකර ඇතැයිද පැවසුවේය.

එමෙන්ම හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති අතර නීතිවිරෝධී ලෙස උපයාගත් දේපළ සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු පැවසීය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ඇත්නම් 118, 119 සහ 1818 යන ක්ෂණික දුරකථන අංක ඔස්සේ පොලිසිය වෙත දැනුම් දෙන ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

දරුණු උද්ඝෝෂණයක් පිපිරෙයි - පොලිස් නිලධාරීන් 12කට තුවාල - පිරිසක් රෝහලේ

දරුණු උද්ඝෝෂණයක් පිපිරෙයි - පොලිස් නිලධාරීන් 12කට තුවාල - පිරිසක් රෝහලේ

නව සසකාවා අනුස්මරණ මධ්‍යස්ථානය විවෘත වෙයි

නව සසකාවා අනුස්මරණ මධ්‍යස්ථානය විවෘත වෙයි