බටගොඩ ගිනිගත් 'මව්පිය සෙවන' රැඳවුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂට ඇප
By Malith Madushan
හොරණ, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවූ එම නිවාසයේ හිමිකරු අද (11) ඇප මත මුදාහැරීමට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර, ඔහු වෙනුවෙන් නීතිඥවරු පෙනී සිට ඇත.
මෙහිදී නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කළාය.
එමෙන්ම, සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර, නඩුව මෙම මස 25 වැනිදා යළි කැඳවීමට නියමිතය.