මුළු ලංකාවටම සුබම සුබ පණිවිඩයක් - රජයෙන් විශේෂ අනාවරණයක්

Report

මැදපෙරදිග පවතින යුද වාතාවරණය මධ්‍යයේ වුවද, පසුගිය මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,467ක අපනයන ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී සියයට 9ක අපනයන වර්ධනයක් අත්කරගෙන ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සුභ ආරංචියක් - ස්ථීර සාම ගිවිසුමකට අවස්ථා

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සුභ ආරංචියක් - ස්ථීර සාම ගිවිසුමකට අවස්ථා

කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයට සිදුකළ අපනයන ආදායම සියයට 48කින් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, ඒ හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මෙවර සමස්ත අපනයන ආදායම සියයට 5.2ක අඩුවීමක් පෙන්නුම් කරයි.

පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික්, ආහාරපාන සහ තොරතුරු තාක්ෂණ වැනි ක්ෂේත්‍රයන්හි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර, මේ වසරේ මුල් මාස තුන තුළ සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 4,308ක් දක්වා සියයට 2ක වර්ධනයක් ලබා ගැනීම සුබවාදී තත්ත්වයක් බව ද අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ලෝක වෙළදපලේ පවතින තත්ත්වය සමඟ නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

ලෝක වෙළදපලේ පවතින තත්ත්වය සමඟ නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න