ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම ගැන සනත් කනගාටුවෙන්. (VIDEO)

By Wayomi Apr 11, 2023 12:45 PM GMT
Report

ශ්‍රී ලංකා කණ්ඩායමට 1979 පසු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සුදුසුකම් ලබාගෙන ක්‍රීඩා කිරීමට සිදුවීම සම්බන්ධයෙන් කනගාටුවක් ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සනත් ජයසූරිය ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා පත්කළ තාක්ෂණික කමිටුවේ පළමු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී සනත් ජයසූරිය වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"පසුගිය පරාජයන්ට හේතු මොනවද? අපි ඒවා කතා කරන්න ඕනේ පුහුණුකරු ඇතුළු කළමනාකාරීත්වයත් එක්ක. අපි මේ කතාකරන රෙකමන්ඩේෂන් කරන්නේ ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන්. අපි කතා කරන්නේ ඉස්සරහට මේ ක්‍රිකට් එක ගෙනියන්නේ කොහොමද එකෙන් මොකද්ද දෙන්න පුළුවන් ක්‍රිකට් එකට. අපේ තියෙන දැනුමත් එක්ක අපි ඔක්කෝම එකතුවෙලා ගමනක් යන්න තමයි බලන්නේ. එතනදී අපිට අහන්න දේවල් තියෙනවා තාක්ෂණික කමිටුව හැටියට. අපි ලෝක කුසලානයට තේරුනේ නැති වුණාම මොකක්ද ඊළඟට තියෙන සැලැස්ම පුහුණු කරන කළමනාකාරීත්වයෙන් අපි ඒක අහලා දැනගන්න ඕනේ. ඒ අය අපිට කෙටිකාලීන් සැලැස්මක් දෙන්න ඕනේ මොක්ද කරන්නේ කියලා. ඒ සැලැස්ම අපි ක්‍රිකට් ආයතනය හා තේරීම් කමිටුවත් එක්ක කතා කරන්න ඕනේ. මේක තමයි පළමුවෙනි කරුණ."

නවසීලන්ත තරගාවලි සියල්ලම පරාජය වුණා. එතනදි අපේ ක්‍රීඩකයින්ට මොකද වුණේ. අපේ කළමනාකාරීත්වය දෙන්න පුළුවන් ඔක්කොම එතන හිටියා එතන ඉඳලත් ඇයි ඒ ප්‍රයෝජනය ගන්න බැරි වුණේ? ඇයි ක්‍රීඩකයින්ට ක්‍රීඩා කරන්න බැරි වුණේ කියලා අපි ක්‍රීඩකයෝ එක්කත් පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ.

අපි මේ දෙන රෙකමන්ඩේෂන් ක්‍රීඩා ඇමතිවරයා හරහා දැනුවත් වෙලා කරන්නේ. අපි කවුරුත් රෙස්පොන්සිබල් වෙන්න ඕනේ. ක්‍රිකට් ටීම් එක භාරව ඉන්න අයත් ඒ වගකීම් භාරගන්න ඕනේ. අපි කාටවත් කියන්න බැහැ අපි මෙයාට භාරදීලා තියෙන්නේ කියලා අත පිහදාගෙන යන්න බැහැ. ඉතින් ඒ හින්දා අපි බලන්නේ හොඳ දෙයක් කරලා ක්‍රිකට් එක ඉස්සරහට ගන්න."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW