"දරුවන්ට තාත්තා කෙනෙක් ඕන.." අසනීපයෙන් සිටින නාමල් උඩුගම ගැන රුවන්ති මංගලා කියූ සංවේදී කතාව(PHOTOS)

gossip Ruwanthi mangala namal udugama sri lanka gossip
By Sithumi Sep 03, 2021 01:52 PM GMT
Sithumi

Sithumi

Report

ඉතින් ඇය කාලෙකට පස්සේ ඇයගේ ජීවිතේ අලුත්ම තොරතුරු පුවත්පතකට කියලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මම මේ දවස්වල ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ සහ රැහේ ටෙලිනාට්‍යයේ වැඩ කරනවා. ඉතින් ඒ වගේම පහුගිය කාලේ මම දේශපාලන සහ සමාජ සේවා කටයුතු කළ නිසා ගොඩක් නිර්මාණ බාර අරගෙන කාර්යබහුල නොවී ඉන්න උත්සාහ කළා කිව්වොත් නිවැරදියි.රුවන්ති මංගලා කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක්. අමා, උතුම් පැතුම් වැනි ටෙලිනාට්‍ය හරහා අපේ රටේ අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන ඉස්කෝලේ ටෙලිනාට්‍ය හරහා දැකගන්න ලැබෙනවා.

මොකද සමාජ සේවා කටයුතු විවිධ වැඩසටහන්වලට නිතර දුර බැහැර යන්න වෙනවා. එතකොට බාර අරගෙන තියෙන වැඩ නිසා ඒ කටයුතුවලට බාධා වෙනවා

මේ වෙත්දි මගෙයි නාමල්ගෙයි දුවයි පුතයි දෙන්නම උස්ස පෙළ කරලා ඉන්නේ. පුතා වැඩිදුර අධ්‍යාපනය හා රැකියාවක් කරන්න විදෙස් ගතවෙන්න හිටියේ. කොරෝනා ප්‍රශ්නත් එක්ක ඒක කල් ගිහින් තියෙන්නේ. ඒ වගේම පුතාට තියෙන්නෙත් නාමල්ගෙ හඬමයි. පුතාට හොඳට ගී ගයන්න පුළුවන්. මෑතකදි පුතා ගීතයකුත් කළා.

දුවටත් රංගනයට ගොඩක් ඇරයුම් ලැබුණා. නමුත් පුතා වෘත්තිය මට්ටමෙන් ගායකයෙක් වෙන්නවත් දුව රඟපාන්න එන්නවත් කැමැත්තක් නැහැ. දුවයි පුතයි වෘත්තීය මට්ටමෙන් කලාවට එන එකක් නැහැ. අපි දෙන්නම කලාවේ ඉන්න නිසා මමයි නාමලුයි කැමතියි එයාල කලාවට යොමු වෙනවා නම්. එත් එයාලගෙ කැමැත්තට ඉඩදීලා තියෙන්නේ

පහුගිය කාලේ නම් ප්‍රසංග ගොඩක් තිබුණා. නාමල් සුවපත් වෙලා හිටිය නිසා ඒ ප්‍රසංගවලට සහභාගි වුණා. ඒත් අපේ රටට කොරෝනා ආවත් එක්ක ප්‍රසංග අඩුවෙලා ගියානේ. දැන්නම් ප්‍රසංග නැති තරම් මේ දවස්වල එයා ගෙදර ඉන්න අතර එයාගෙ පරණ ගීත අලුතින් පටිගත කරගෙන යනවා. සැත්කම කරලා දැන් අවුරුදු හයක් විතර වෙනවනේ.

ඒ නිසා එයා සාමාන්‍ය විදිහට ඉන්නවා. ඒ අතර නාමල්ට ජීවිත කාලෙම ගතයුතු ප්‍රතිකාර වෛද්‍යවරු නියම කරලා තියෙනවා. ඒ ඖෂධ ලබාගන්නවා. බොහෝ දෙනෙක් අසනීපය නිසා නාමල්ගෙ ජීවිතය අස්ථිරයි කියලා කිව්වා. නාමල් වුණත් කිව්වෙ මෙච්චර දෙයක් ඔයා තනියම කරන්නෙ කාහොමද. මම කොහොමත් මැරෙනවානේ කියලයි.'

ඔයාට මැරෙන්න දෙන්න බැහැ, අපේ දරුවන්ට තාත්තා කෙනෙක් ඕන, ඔයා ජීවත් වෙන්න ඕන, කියල එයාගෙ හිත හදලා, මම හිතුවා කොහොම හරි මම ඔයාව ජීවත් කරනවා කියලා. අද නාමල් කියන්නෙ ඔයා නිසයි මම ජීවත් වෙන්නෙ කියලා කියද්දී මට මගේ ශක්තිය ගැන ලොකු හැඟීමක් ඇතිවෙනවා. ඇත්තටම මගේ ධෛර්ය නොතිබුණා නම් මේ දේවල් වෙනස් වෙන්නත් තිබුණා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha