පුටින්ගෙන් කවුරුත් නොහිතපු.. පුදුම හිතෙන තෑග්ගක්..

Report

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කියන්නෙ ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වෙන නායකයින් අතර කෙනෙක්.

රැසියානු ජනාධිපති උතුරු කොරියාවට යවපු තෑග්ගක් ගැන පසුගිය දවසක ලෝකයේ බොහෝ දෙනෙක්ගේ අවදානයට ලක් වුණා.

ඒ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් උතුරු කොරියාවේ ප්‍රධාන සත්වෝද්‍යානයට සිංහයෙකු සහ දුඹුරු වලසුන් දෙදෙනෙකු ඇතුළු සතුන් 70 කට වැඩි ප්‍රමාණයක් තෑගි කිරිමයි.

කුවේට් රාජ්‍යයේ සේවය කරන ලාංකික ශ්‍රමිකයින්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.. දැනගෙනම ඉන්න..

කුවේට් රාජ්‍යයේ සේවය කරන ලාංකික ශ්‍රමිකයින්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.. දැනගෙනම ඉන්න..

ඒ මොස්කව් සහ ප්යොංයැං අතර සබඳතා වර්ධනය වී ඇති බවට කරන තවත් දෙයක් ලෙසින් ය.

ඒ අනුව උතුරු කොරියානු අගනුවරට මෙම සතුන් රැගෙන ආවේ පුටින්ගේ පරිසර ඇමති ඇලෙක්සැන්ඩර් කොස්ලොව් විසින් වෙ.

වැඩිදුරටත් සඳහන් වන්නේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මෙම සතුන් එරටට රැගෙන ආ බවයි.

ආයෙත් ගෑස් හිඟයක් ද?.

ආයෙත් ගෑස් හිඟයක් ද?.

මේ අතර, යුක්‍රේනය සමඟ සටන් කිරීමට රුසියාවට උතුරු කොරියාව විසින් තම හමුදා එවූ බව අමෙරිකා එක්සත් ජනපදයත් දකුණු කොරියාවත් හෙළිදරව් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එසේ කිරීමෙන් සති කිහිපයකට පසුව රුසියානු නායකයා මෙම තෑගි ලබා දීම විශේෂත්වයක් වේ.