කුවේට් රාජ්‍යයේ සේවය කරන ලාංකික ශ්‍රමිකයින්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.. දැනගෙනම ඉන්න..

Report

කුවේට් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයින්ට හා විදේශකයින්ට සිය ජීවමිතික ඇඟිලි සලකණු ලබා දෙන ලෙසයි.

එලෙස ඇඟිලි සලකුණු ලබා දිය හැකි අවසාන දිනය 2024 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වන බව සඳහන් කර ඇත.

රාජ්‍ය සේවකයින්ට ඇමති බිමල් කළ දැනුම්දීම මෙන්න..

රාජ්‍ය සේවකයින්ට ඇමති බිමල් කළ දැනුම්දීම මෙන්න..

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇඟිලි සලකණු එරට අභ්‍යන්තර අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලදී ලබාදෙන ලෙස ය.

ඒ අනුව ජීවමිතික ඇඟිලි සලකුණු කුවේට් රාජ්‍යයට අයත් "Sahel" මෘදුකාංගය භාවිතා කිරීමෙන් හෝ "Matta" නමැති ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදය හරහා ඇඟිලි සලකුණු ලබාදීම සඳහා වේලාවක් වෙන්කර ගැනීමට කාලය වෙන් කරවා ගත හැකිය.

එමෙන්ම, ඔන්ලයින් ක්‍රමවේදයට ඇඟිලි සලකුණු ලබාදීමට සුදුසු ආසන්න ස්ථානයක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

හිටපු රාජ්‍ය ඇමති ලොහාන්ට මොකද වුණේ?. අද ලැබුණ ආරංචිය මෙන්න..

හිටපු රාජ්‍ය ඇමති ලොහාන්ට මොකද වුණේ?. අද ලැබුණ ආරංචිය මෙන්න..

ඒ අනුව හවාලි, ෆර්වානියා, අහමාද්, මුබාරක් අල් කබීර්, ජහ්‍රා, යන ස්ථානයන් හී පිහිටි ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලවල එය ස්ථානගත කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙයට අමතරව අලි ‍සබා අල් සලීම්, උම් අල් - හයෙමාන් සහ ජහ්‍රා ප්‍රදේශවල පිහිටි ඇඟිලි සලකණු ලබාදීම සඳහා වන පුද්ගලයින් විමර්ශනය කිරීමේ දෙපාර්තමේන්තු‍වේ දී සිදුකළ හැකිය.

එමෙන්ම, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් “The Times Kuwait” පුවත්පත මගින් සඳහන් කර ඇත්තේ ඇඟිලි සලකුණු ලබා නොදෙන විදේශිකයන්ගේ සියලුම රජය හා බැංකු කටයුතුවලට බාධා පනවන බවය.