අලුත්ම පුවත - රුසියානු ප්‍රබලයන් රැසක් අද ලංකාවට - මෙන්න හේතුව

Report

අද (03) දින රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට ඇත.

ඔවුන් මෙම සංචාරයේදී මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතාවයන් සහ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් ද පවත්වනු ඇත.

තලපති විජේ තමිල්නාඩු මහ ඇමති ධූරයට? දේශපාලනයම උඩුයටිකුරු වෙයි - තමිල්නාඩුවම හෙල්ලෙන අනාවරණයක් මෙන්න

තලපති විජේ තමිල්නාඩු මහ ඇමති ධූරයට? දේශපාලනයම උඩුයටිකුරු වෙයි - තමිල්නාඩුවම හෙල්ලෙන අනාවරණයක් මෙන්න

මෙම දූත පිරිස විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිත අතර, මැයි 04 වන දින කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරයක නිරතවීමට ද නියමිතව ඇත.

මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා එකඟතාවයන්ට එළඹීමටත් සූදානම් බව වාර්තා වේ.