රුසියාව යුක්රේනයට එල්ල කළ බිහිසුණු මිසයිලයක් වෙනත් රටකට වැටෙයි - නේටෝ සංවිධානය තීරණයක් ගනී..

By krishani Nov 16, 2022 02:32 AM GMT
Report

රුසියාව, යුක්රේනය දෙසට එල්ල කළ මිසයිලයක් පෝලන්තයේ ගම්මානයට පතිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මිසයිල ප්‍රහාරයෙන් දෙදෙනෙකු මිය ගොස් ඇත.

පෝලන්තය යුක්රේන දේශසීමාවේ පිහිටි නේටෝ සංවිධානයට අයත් රටක් වන අතර ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව නේටෝ සංවිධානය පවසයි.

මෙවැනි ප්‍රහාරයක් එල්ල කළ නොකළ බව රුසියාව පවසයි.හිතාමතා රුසියාව අපහසුතාවයට පත් කිරීමට මෙවැනි චෝදනා එල්ල කරන බව රුසියාව පවසයි.

කෙසේවෙතත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කියා සිටියේ රුසියාව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join