රුසියාවට එරෙහි යෝජනාවක දී ඉන්දියාව කළ නිහඬ දේ..
යුක්‍රේනයේ කලාප 4 ක් රුසියාව සිය රටට ඈඳා ගැනීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවට ගෙන ආ යෝජනාවකට අදාළව ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවට අමෙරිකාව සහ ඇල්බේනියාව ගෙන ආ අතර ඉන්දියාවට අමතරව ගැබෝන්, බ්‍රසීලය සහ චීනය අදාළ යෝජනාව සදහා ඡන්දය භාවිතයෙන් වැළකී සිටියේ ය.
යුක්‍රේනය ඈඳා ගැනීම පිළිනොගන්නා ලෙස එමගින් අමෙරිකාව සාමාජික රටවලින් ඉල්ලා සිටියේ ය.
රුසියාව යුක්රේනයේ සිටින සිය හමුදාව ඉවත් කර ගත යුතු බව ද අමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවේ අවධාරණය කර තිබුන අතර කෙසෙවෙතත් එහිදී ඉන්දියාවේ ස්ථාවරය වී ඇත්තේ වෙනස්කම් වලට හා ආරවුල් නිරාකරණය කිරීමට ඇති හොදම මාර්ගය සාකච්ඡා මාර්ගය බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |