මේ රටවලට යෑමෙන් වළකින්න - රුසියාවෙන් සිය පුරවැසියන්ට විශේෂ අනතුරු ඇඟවීමක්

Report

අමෙරිකාව සමඟ උදර්පන ගිවිසුම් පවතින රටවල සංචාරය කිරීමෙන් වළකින මෙන් රුසියාව සිය පුරවැසියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ සංචාරක උපදේශනයක දැක්වෙන්නේ, 2022 වසරේ රුසියානු-යුක්‍රේන යුද්ධය ආරම්භ වූ දා සිට අමෙරිකාවේ දඬුවම් පැමිණවීමේ හැකියාව දැඩි වී තිබෙන බවය.

ඒ අනුව එහි දැක්වෙන්නේ යම් ලෙසකින් අමෙරිකානු බලධාරීන් අතට පත් වුවහොත් රුසියානු පුරවැසියන්ට දිගුකාලීන සිරදඬුවම් විඳීමට සිදුවීමේ අවදානමක් පවතින බවයි.

මුළු ලොවම බලා සිටි ආරංචිය - ට්‍රම්ප් ජාතිය අමතයි - ඉදිරි සති දෙකත් තුනත් අතර කාලය තුළ සියල්ල අවසන්

මුළු ලොවම බලා සිටි ආරංචිය - ට්‍රම්ප් ජාතිය අමතයි - ඉදිරි සති දෙකත් තුනත් අතර කාලය තුළ සියල්ල අවසන්

එසේම "අමෙරිකානු සම්බාධක මඟින් රුසියානු ආර්ථිකයේ උපායමාර්ගික අංශ ඉලක්ක කර ඇති බැවින්, බොහෝ රුසියානුවන් තමන් නොදැනුවත්වම අමෙරිකානු නීති ක්‍රියාත්මක කරන ආයතනවල සහ බුද්ධි අංශවල ඉලක්ක බවට පත්වීමේ අවදානමක් ඇත," යනුවෙන් ද අමාත්‍යාංශය පවසා ඇති බව සඳහන්.

තවද අමෙරිකානු බුද්ධි අංශ විවිධ වාසිදායක ව්‍යාපාරික හෝ සංචාරක දීමනා ලබාදී රුසියානුවන් විදේශ රටවලට ගෙන්වා ගැනීමේ කූට උපක්‍රම භාවිතා කරන බවටද රුසියාව චෝදනා කරන බව සඳහන්.

කෙසේ වෙතත් රුසියානුවන් අමෙරිකාවට පාවා දීමට වැඩි ඉඩකඩක් ඇති රටවල් වශයෙන් රුසියාව පහත රටවල් නම් කර තිබෙනවා.

යුද උණුසුම ගිනියම් කරමින් හූති කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාර - ලෝකෙටම වටින තවත් සමුද්‍ර සන්ධියක් වහන්න යයි

යුද උණුසුම ගිනියම් කරමින් හූති කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාර - ලෝකෙටම වටින තවත් සමුද්‍ර සන්ධියක් වහන්න යයි

බ්‍රිතාන්‍යය, ස්විට්සර්ලන්තය සහ බොහෝ යුරෝපා සංගමයේ සාමාජික රටවල්. කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ ඊශ්‍රායලය. ලතින් අමෙරිකානු රටවල් බොහොමයක්, ලයිබීරියාව සහ මොරොක්කෝව. ආසියානු රටවල් කිහිපයක්.

මේ අතර 2008 වසරේදී තායිලන්තයේදී අත්අඩංගුවට ගත් අවි ජාවාරම්කරුවෙකු වූ වික්ටර් බවුට්ගේ සිදුවීමේ සිට මේ දක්වා රුසියානු ජාතිකයින් 100 කට වැඩි පිරිසක් මෙසේ අමෙරිකාවට භාර දී ඇති බව රුසියාව සඳහන් කරයි.

එසේම වික්ටර් බවුට් වසර 14 ක් අමෙරිකානු සිරකඳවුරක ගත කිරීමෙන් අනතුරුව 2022 වසරේදී නිදහස් කෙරුණේ රුසියාවේ සිරගත කර සිටි අමෙරිකානු පැසිපන්දු තරුවක වන බ්‍රිට්නි ග්‍රයිනර් සමඟ සිදුකළ සිරකරුවන් හුවමාරුවක ප්‍රතිඵලයක් ලෙසයි.  

ලෝක යුද්ධේ හදිසි වෙනසක්? ඉරාන නව නායකයා අමෙරිකාවෙන් සටන් විරාමයක් ඉල්ලයි - ට්‍රම්ප්

ලෝක යුද්ධේ හදිසි වෙනසක්? ඉරාන නව නායකයා අමෙරිකාවෙන් සටන් විරාමයක් ඉල්ලයි - ට්‍රම්ප්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්