රුසියාවේ කාර්යබහුල වෙරළකට ඩ්‍රෝන ප්‍රහාරයක්: ළමයින් 3 දෙනෙකු ඇතුළු 7ක් ජීවිතක්ෂයට

By Kanchana Aug 04, 2026 05:33 AM GMT
Report

දදකුණු රුසියාවේ කළු මුහුද ආශ්‍රිත ජනප්‍රිය වෙරළ තීරයකට ඩ්‍රෝන යානයක් කඩා වැටීමෙන් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය බලධාරීන් පවසයි.

 ක්‍රස්නෝඩර් කලාපයේ ආණ්ඩුකාර වෙනියාමින් කොන්ඩ්‍රාටියෙව් පැවසුවේ තුවාල ලැබූවන් අතරින් 17 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි. ඔහු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේනයට චෝදනා කළද, යුක්රේනය ඒ පිළිබඳ අදහස් දක්වා නැත. කෙසේ වෙතත්, දෙපාර්ශ්වයම හිතාමතාම සිවිල් වැසියන් ඉලක්ක කරන බව ප්‍රතික්ෂේප කරයි.

ඩ්‍රෝන යානයේ සැබෑ ඉලක්කය කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත. ඇතැම් යුක්රේන ටෙලිග්‍රෑම් නාලිකා සඳහන් කළේ ඉලෙක්ට්‍රොනික යුද පද්ධති මගින් එහි සංඥා අවහිර වීම හේතුවෙන් එය වෙරළට කඩා වැටී ඇති බවයි. තවත් සාක්ෂිකරුවන් පවසා ඇත්තේ පිපිරීමට පෙර වෙඩි හඬ ඇසුණු බවත්, එමඟින් ගුවන් ආරක්ෂක පද්ධති ඩ්‍රෝනය බිම හෙළීමට උත්සාහ කර ඇති බවට සැක පළ වන බවත්ය.

කේරළයටත් දරුණු වැසි ආපදා තත්වයක් - මරණ 15ක් සහ 7 දෙනෙකු අතුරුදන්

කේරළයටත් දරුණු වැසි ආපදා තත්වයක් - මරණ 15ක් සහ 7 දෙනෙකු අතුරුදන්

අනතුර සිදුව ඇත්තේ කළු මුහුද ආශ්‍රිත ආකිපෝ-ඔසිපොව්කා ගම්මානය අසල වෙරළ තීරයේදීය. උණුසුම් දේශගුණය, දිගු වෙරළ තීරයන් සහ සංචාරක පහසුකම් හේතුවෙන් මෙම ප්‍රදේශය රුසියානු සංචාරකයන් අතර ජනප්‍රිය නිවාඩු ගමනාන්තයක් ලෙස සැලකේ.

එම ප්‍රදේශයේ සංචාරකයින් සහ පදිංචිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයට පෙර කිසිදු අනතුරු ඇඟවීමේ සයිරන් හඬක් නොඇසුණු බවයි. ඇතැම් සාක්ෂිකරුවන් පැවසුවේ ඩ්‍රෝනය නොදුටුවද මැෂින් තුවක්කු වෙඩි හඬක් සහ පසුව විශාල පිපිරීමක් ඇසුණු බවයි.

පසුගිය වසර පුරා යුක්රේනය රුසියාව තුළ ගැඹුරින් දිගුදුර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව වැඩි කර ඇති අතර, එම ප්‍රහාර බලශක්ති යටිතල පහසුකම් සහ හමුදා භාවිතයට යොදාගන්නා ගබඩා ඉලක්ක කරගෙන සිදු කරන බව පවසයි.

එහෙත් අවස්ථා කිහිපයකදී එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් ද ජීවිතක්ෂයට පත්ව ඇත. මේ අතර, 2022 පෙබරවාරි මාසයේ සිට යුක්රේනය ආක්‍රමණය කළ රුසියාව ද නේවාසික ප්‍රදේශ සහ නගර ඉලක්ක කර ප්‍රහාර රැසක් එල්ල කර ඇති අතර, එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් දහස් ගණනක් මියගොස් හෝ තුවාල ලබා ඇත. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ සෙනසුරාදා කියෙව් නගරයට එල්ල වූ රුසියානු බැලස්ටික් මිසයිල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු මියගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලැබූ බවයි.

එමෙන්ම, පසුගිය සතියේ ක්‍රිවි රි ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් දස දෙනෙකුගෙන් යුත් පවුලක් ජීවිතක්ෂයට පත්වූ බව ද වාර්තා විය.

මෑත සතිවලදී යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර විශේෂයෙන්ම රුසියාවේ ප්‍රමුඛ අන්තර්ජාල සිල්ලර වෙළෙඳ සමාගමක් වන වයිල්ඩ්බෙරිස් සතු ගබඩා පහසුකම් ඉලක්ක කරගෙන එල්ල වී ඇති බවද වාර්තා වේ.