රුපියල මෙච්චර ගාණකින් අවප්‍රමාණය වෙලා
මහ බැංකුව මඟින් නිකුත් කරන සතිපතා ආර්ථික දත්ත වාර්තාව අනුව වසරේ මේ දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය සියයට 3 යි දශම 4 ක් වශයෙන් සටහන් වී තිබෙනවා.
ඒ අනුව සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අනුපාතය පුළුල් ආකාරයට ස්ථාවරව පැවතුන බව සඳහන්.
කෙසේ වෙතත් විදේශ ආයෝජකයන් සතු බිල්පත් සහ බැඳුම්කරවල රුපියල් වටිනාකම පෙර සතියට සපේක්ෂව සියයට 8කින් වැඩිවී ඇති බව ද පවසයි.