මහ බැංකුවෙන් ලංකාවට අසුබ ආරංචියක්
ශ්රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2025 වසරේ පළමු මාස අට තුළ මෙරට කොටස් වෙළෙඳපොළ කෙරෙහි විදේශිකයන්ගේ උනන්දුව අඛණ්ඩවම ක්ෂය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වකවානුව තුළ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තාගත මට්ටම් කරා මිල දර්ශක ඉහළ නංවමින් දැක්වූ ක්රියාකාරීත්වයට ප්රධාන හේතුව වී ඇත්තේ දේශීය ආයෝජකයන්ගේ ක්රියාකාරීත්වය බව සඳහන්.
මේ අතර මෙම පළමු අට මාසික කාලය තුළ දර්ශකයන්ගේ වර්ධනයත් සමඟ වෙළෙඳපොළෙහි උච්චාවචනයන් හෙවත් විචල්යතාවද ඉහළ ගොස් ඇති බව සඳහන්.