රුපියල වෙනස් වෙන්නේ ආණ්ඩුවේ අවුලකින් නෙවෙයි, ලෝක වෙළඳපොළේ බාහිර ෂොක් එකක් නිසා - මාලිමා මන්ත්‍රී
ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යාම සහ රුපියලේ අගය පහළ යාම වත්මන් ආණ්ඩුවේ පාලන දුර්වලතා හේතුවෙන් සිදු නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනය සහ බලශක්ති සැපයුම් කේන්ද්‍රස්ථාන වලට බලපෑම් එල්ල වී ඇති බවයි. ඒ හේතුවෙන් ලෝක වෙළඳපොල තුළ අස්ථාවරතාවයක් නිර්මාණය වී ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්
“ඩොලරය ඉහළ යාම සහ රුපියල කඩාවැටීම අද ලංකාව ඇතුළේ වෙනවා නම් වෙන්නේ රාජ්‍ය පාලනයේ හෝ ආණ්ඩු පාලනයේ ගැටලුවක් නිසා නෙවෙයි කියන එක මේ රටේත් ලෝකයේත් සෑම සිහිබුද්ධියක් සහිත පුරවැසියෙකුටම තේරෙනවා.
ඒකට බලපාලා තියෙන හේතුව තමයි ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානයේ යුදමය තත්වය නිසා භාණ්ඩ ප්‍රවාහනයට සහ බලශක්ති කේන්ද්‍රස්ථානවලට ඇතිවෙලා තියෙන බලපෑම සහ ඒවා අඩුවීන නිසා ලෝක වෙළඳපොලේ යම් ගැටලු තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා.
2020 – 2022 සමයේ රුපියල කඩාවැටිලා ඩොලරය ඉහළ ගියේ අභ්‍යන්තර කළමනාකරණයේ ප්‍රශ්නයක් නිසා. වංචාව, දූෂණය, නාස්තිය නිසා. එතකොට අපිට ආණ්ඩුවක් හැටියට පැහැදිලිව කියන්න පුළුවන් එවැනි තත්වයක් දැන් නැහැ. ලෝක වෙළඳපොලේ ඇතිවෙච්ච තත්වයක් සහ බාහිර ෂොක් එකක්, එක්ස්ටර්නල් ෂොක් එකක් තමයි මේ ආර්ථිකයට බලපාලා තියෙන්නේ. ඒක අපිට විතරක් තනිව මැදිහත්වෙලා සෘජුව විසඳාගන්න පුළුවන් තත්වයක් නෙවෙයි මේ මොහොතේ තියෙන්නෙ”
2020 සිට 2022 දක්වා කාලයේ රුපියල කඩාවැටී ඩොලරය ඉහළ ගියේ අභ්‍යන්තර ආර්ථික කළමනාකරණයේ ගැටලු, වංචා, දූෂණ සහ නාස්තිකාර ක්‍රියා හේතුවෙන් බවද ඔහු සඳහන් කළේය.
වත්මන් තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් තනිව මැදිහත් වී සෘජුව විසඳාගත හැකි තත්ත්වයක් නොවන බවත්, එය ගෝලීය ආර්ථික බලපෑම් සමඟ සම්බන්ධ වූ අභියෝගයක් බවත් චන්දන සූරියආරච්චි මහතා අවධාරණය කළේය.
දුම්රිය හරස් මාර්ග තුනක් සඳහා සංඥා පද්ධති සවිකිරීම වෙනුවෙන් ඊයේ (17) කොස්ගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශ සිදු කළේය.