එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්
කපිල චන්ද්‍රසේන මහතා හදිසියේ මිය ගියද, එය එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යෑමට බාධාවක් නොවන බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, චන්ද්‍රසේන මහතාට අමතරව මෙම සිද්ධියට අදාළ වෙනත් සැකකරුවන් සිටී නම්, ඔවුන්ට එරෙහිව විමර්ශන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බවයි.
කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි
මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ සහ නිමල් පෙරේරා නමැත්තකුද නම් කර ඇති බව සඳහන් කළ ඔහු, ඔවුන් ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටින බැවින් උදර්පණ නීති සහ අන්‍යෝන්‍ය නීති සහයෝගීතා ආධාර (MLA) යටතේ මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවද පැවසීය.
තානාපති අංශ හරහා එම නීතිමය සහයෝගීතාව ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන පවතින බවත්, එම ක්‍රියාමාර්ග සාර්ථක නොවන්නේ නම් අවසන් විකල්පය ලෙස ඕස්ට්‍රේලියාව තුළදී නඩු පැවරීමේ හැකියාවද පවතින බව ප්‍රතිභා මහනාම හේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
"මාවත් එල්ලෙන්න පොළඹවනවා" - කපිල චන්ද්‍රසේන මියයන්න පෙර ලියූ දිවුරුම් ප්‍රකාශයෙන් හෙළිවන බරපතල අනාවරණය
කපිල් හොද හිතවතෙක් වගේම රටට සේවයක් කරපු පුද්ගලයෙක් - මියගිය කපිල චන්ද්‍රසේන ගැන මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්