රූපවාහිනියට බලෙන් පැන්න අරගලකරුවනට කරන්න යන දේ මෙන්න..

Sri Lanka
By Aruna Jul 21, 2022 06:23 AM GMT
Aruna

Aruna

Report

පසුගිය පසුගිය 13 වැනිදා පැවති විරෝධතාව අතරතුර දී ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සජීවී වැඩසටහනකට එක්වූ අරගලකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පැවරීමට පොලිස් මූලස්ථානයට උපදෙස් ලබාදී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලබාගත් උපදෙස් මත මෙම නඩු පැවරීම සිදු කිරීමට නියමිතය.

ඒ අනුව රූපවාහිනි සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට කටයුතු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිසිය අදාල වීඩියෝ දර්ශන නිරීක්ෂණය කරමින් සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now