රුමේෂ් තරංගගේ හෙල්ලයන්ට ගුවන් යානයේදී හානි වෙලා - ''ලෝකයක් ජයගෙන එද්දී කනගාටුදායක පුවතක්''
By Malith Madushan
හංගේරියාවේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටි මෙරට ප්‍රමුඛ පෙළේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල පහකට හානි සිදුව ඇති බව වාර්තා වේ.
ගුවන් ගමන අවසන් වීමෙන් අනතුරුව තම ක්‍රීඩා උපකරණ පරීක්ෂා කිරීමේදී මෙම හානිය අනාවරණය වී තිබේ.
රුමේෂ් තරංග ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියේ හංගේරියාවේදී වාර්තාගත ජයග්‍රහණයක් හිමිකර ගැනීමෙන් අනතුරුව වන අතර, එවැනි අවස්ථාවක ඔහුගේ ප්‍රධාන ක්‍රීඩා උපකරණවලට හානි සිදුවීම අවධානයට ලක්ව තිබේ.