සේවක අර්ථසාධක අරමුදල් පනත පිළිබඳව තීරණයක්

Report

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ.සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පහසුව සහ වඩා වැඩි ප්‍රතිලාභ හිමිකරදීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මේ හරහා අධිභාර, අධිභාර අයකිරීම් යාන්ත්‍රණය වඩා ඵලදායී තත්ත්වයට ගෙන ඒම, වානිජ බැංකු වෙනුවට සේවක අර්ථසාධක අරමුදල හරහා එහි සාමාජිකයින්ට ණය පහසුකම් ලබා දීම, පිරිමි සහ කාන්තා ශ්‍රමික දෙපාර්ශ්වයේ හිමිකම් සම්බන්ධයෙන් පවතින අසමානතා ඉවත් කිරීම ආදී කරුණු මෙම පනත මගින් සංශෝධනය කිරීමට යෝජිත බවය.

මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ඊයේ (30) දිනයේදී කම්කරු උපදේශක සභාවේදී අවධානය යොමු කර තිබේ. ඒ සඳහා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මෙන්ම ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය මෙන්ම වෘත්ති සමති නියෝජිතයින්ද එක්ව ඇත.

ලක්ෂ තුනකට වැඩියෙන් මිල බැස්ස අද රන්මිල මෙන්න නැග්ග වේගෙන් බැහැපු රත්තරන්

ලක්ෂ තුනකට වැඩියෙන් මිල බැස්ස අද රන්මිල මෙන්න නැග්ග වේගෙන් බැහැපු රත්තරන්

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ සේවා යෝජකයින්ගෙන් අධිභාර අයකර ගැනීමේ යාන්ත්‍රණය සංකීර්ණ නොවිය යුතු බවත් ඒ හරහා කඩිනමින් අදාළ අයකිරීම් සිදුකර ගැනීමට අවස්ථාව උදා වන බවත්ය.

අත්හිටවූ වෛද්‍ය වර්ජනය ගැන GMOA වෙතින් විශේෂ නිවේදනයක්

අත්හිටවූ වෛද්‍ය වර්ජනය ගැන GMOA වෙතින් විශේෂ නිවේදනයක්