පීඩාවට පත් මේ ජනතාවට රජයෙන් වන්දි - රු.මි. 3,000ක් වෙන් කෙරේ

Report

දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක පවතින එල් නිනෝ තත්ත්වය හමුවේ ඇතිව තිබෙන වියළි කාලගුණය නිසා හානියට පත් වගාවන් සඳහා කඩිනමින් රක්ෂණ වන්දි ගෙවීමට රජය විසින් රුපියල් මිලියන 3,000ක මුදලක් වෙන් කර තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් මේ වන විටත් බලපෑමට ලක්ව ඇති වගාබිම් වෙත ගොස් පරීක්ෂණ පවත්වමින් සිටිති.

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

මෙම සහන වැඩසටහන යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන බෝග 06 සඳහා හෙක්ටයාරයකට රුපියල් 100,000ක් බැගින්, එක් ගොවියෙකු වෙනුවෙන් උපරිම වශයෙන් අක්කර 05ක් දක්වා වන්දි ගෙවීමට පියවර ගැනේ.

මෙතෙක් වගා හානි දැනුම් දී නොමැති ගොවීන් සිටී නම්, වහාම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ පොතෙහි සටහන් තබන ලෙස හෝ ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර හමුවී තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

වහාම ක්‍රියාත්මක පරිදි අද මේ ප්‍රදේශවලට ජල කප්පාදුවක් - මෙන්න ජලය කැපෙන ප්‍රදේශ

වහාම ක්‍රියාත්මක පරිදි අද මේ ප්‍රදේශවලට ජල කප්පාදුවක් - මෙන්න ජලය කැපෙන ප්‍රදේශ

වැඩිදුර තොරතුරු සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ 1918 කෙටි ඇමතුම් අංකය ඇමතිය හැකිය.