ආපදාවෙන් මියගිය එක් අයෙකුට ජනාධිපති අරමුදලෙන් රු. ලක්ෂ 10ක්

Report

අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර, නායයෑම් සහ ඒ හා සම්බන්ධ හදිසි ආපදා තත්ත්වයන්හිදී ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකුගේ පවුලට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව මියගිය අයගේ ඥාතීන් වෙත මෙම මුදල් කඩිනමින් ලබාදීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත. මෙම තීරණය ආපදාවෙන් දැඩි ලෙස පීඩාවට පත් පවුල්වලට ඉක්මන් සහනයක් ලබාදීමේ අරමුණින් ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

දිවයිනේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන - වන්දි ලබාදීමේ ක්‍රමවේදයකුත්

දිවයිනේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන - වන්දි ලබාදීමේ ක්‍රමවේදයකුත්

පසුගිය දිනවල අධික වර්ෂාව නිසා රට පුරා ආපදා තත්ත්වයන් ඇති වූ අතර, ගංවතුර හා නායයෑම්වලින් ජීවිත, දේපළ සහ යටිතල පහසුකම්වලට ද සැලකිය යුතු හානි සිදුව තිබේ.

මෙවැනි අවස්ථාවන්හිදී රජයේ කඩිනම් මැදිහත්වීම ජනතාවට මහත් සහනයක් වනු ඇත.

කාලගුණය හේතුවෙන් සියලුම පාසල් සදහා නිවාඩු

කාලගුණය හේතුවෙන් සියලුම පාසල් සදහා නිවාඩු

මහනුවරට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි

මහනුවරට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි