හෙට පාන්දර 1 වෙනකල් සූදානමින් සිටින්න විශේෂ නිවේදනයක් - රටම නොසන්සුන් කරමින් මුහුද කැළඹෙයි
රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට(10) දින පෙ.ව. 01.00 වන තෙක් වලංගු වන පරිදි නිකුත් කර ඇත.
ඒ කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහායි.
ඒ අනුව සූදානම් වන්න යනුවෙන් සඳහන් අඳාළ නිවේදනයේ කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
එසේම ගිගුරුම සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
එබැවින් එම මුහුදු ප්‍රදේශවල සිය කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටියි.