මුහුද රළු වෙයි - රටම කළඹමින් කැළඹෙන මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (09) දින පෙ.ව. 01.00 වන තෙක් වලංගු වන පරිදි නිකුත් කර ඇත.
ඒ මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශ සඳහායි.
සූදානම් වන්න යනුවෙන් දන්වා ඇති එහි මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
එබැවින් එම මුහුදු ප්‍රදේශවල සිය කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
අධ්‍යාපන ක්ෂේත්රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති