කොල්ල කා පලා ගිය ලොරි රථයට කඩුවෙලදී පොලිස් වෙඩි

Report

වත්තල ප්‍රදේශයේදී ලොරි රථයක් පැහැරගෙන පලායමින් සිටියදී කඩුවෙලදී එම රථයට වෙඩිතබා නවතාගෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව කඩුවෙල පොලිසීය ප්‍රකාශ කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මෙරට නිශ්පාදිත අත්බෝම්බයක්ද හමු වූ බවද පොලිසිය සඳහන් කළේය.

අදාළ ලොරි රථය නොරොච්චෝලේ සිට සුපිරි වෙළෙඳසැලක් සඳහා එළවළු පටවාගෙන යන අතරතුර, වත්තල ප්‍රදේශයේ තේ කඩයක් අසල නවත්වා ඇති අතර එහිදී රියදුරු තේ බීමට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරු විසින් ලොරිය පැහැරගෙන ඇත.

සංජීව ඝාතනය සම්බන්ධයෙන් තවත් දෙදනෙක් අල්ලයි

සංජීව ඝාතනය සම්බන්ධයෙන් තවත් දෙදනෙක් අල්ලයි

පසුව රියදුරු ත්‍රීරෝද රථයකින් ලොරිය පිටුපස හඹා ගියද, අල්ලා ගැනීමට නොහැකි වූ බැවින් පොලිසියට දැනුම්දී, එම ලොරියේ GPS ක්‍රියාවලිය ගැනද පොලිසිය දැනුවත් කර ඇත. ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අදාළ ලොරිය නැවැත්වීමට පොලිසිය උත්සාහ ගත්තද, එය ව්‍යාර්ථ වී තිබේ.

පසුව කඩුවෙල දෙසට පැමිණි අවස්ථාවේදී පොලිස් කණ්ඩායම් කිහිපයක් ලොරිය පසුපස හඹාගොස් ඇත.

එහිදී තලාහේන ප්‍රදේශයේදී සහ කඩුවෙලදී වෙඩිපහර කිහිපයක් එල්ලකර තිබේ. නමුත් මෝටර් රථ 2ක්, බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් හප්පා දමමින් එම ලොරිය ඉදිරියට ගොස් ඇත.

කොල්ල කා පලා ගිය ලොරි රථයට කඩුවෙලදී පොලිස් වෙඩි | Robbery Lorry Police Gun Fire   

පලායන අතරතුර ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිටුපස ගේට්ටුවකටද හානි සිදුකර ඇති බව පොලිසිය පවසයි. පසුව කඩුවෙල නගරයේදී තවත් ලොරි රථ යොදාගනිමින් ලොරිය පැමිණෙන මාර්ගය හරස් කර තිබේ.

 එහිදී මාර්ග බාධක යොදා තිබූ අවස්ථාවේ සැකකරු එම ස්ථානයටද පැමිණ නැවත හැරීයාමට සැරසී ඇත.

එහිදී පොලිසිය විසින් යළිත් වෙඩි පහර කිහිපයක් ලොරියට එල්ලකර එය නවතාගැනීමට කටයුතුකර තිබේ. 

කඩුවෙල අධිකරණය සංකීර්ණය අසලදී ලොරි රථය නවතා දමා සැකකරු ඉන් පලායාමට උත්සාහ දැරූ අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පවත්ව ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක්ය.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.   

සා.පෙළ විභාගය ගැන දැනුම්දිමක්

සා.පෙළ විභාගය ගැන දැනුම්දිමක්

නව VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..

නව VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..