නව VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..
තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, ඩිජිටල් නිර්මාණකරුවන් තම මැතිවරණ ව්‍යාපාරයට අතිශයින් ම නින්දිත ආකාරයට යොදාගත් මාලිමා ආණ්ඩුව දැන් ඔවුන්ට ම ප්‍රහාරයක් දීමට සූදානම් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ දැවැන්ත සමාගම්වලට ආයතනික බදු ගැසීමක් සිදු කිරීමට බියෙන් සිටින ආණ්ඩුව විසින් නිර්මාණශීලී ප්‍රජාවකට බද්දක් ගසා ඇති බව ය. හරිත බලශක්ති ක්ෂේත්‍රය විනාශ කර ඩීසල් මාෆියාව සමග අත්වැල් බැඳගෙන සිටින ආණ්ඩුව, දැන් තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් කර්මාන්තය ද විනාශ කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා; “රජය විසින් පසුගියදා ගැසට් නිවේදනයක් මඟින් අපනයන සේවා මත ඔවුන් විසින් පනවන්නට යන බදු පිළිබඳ නිවේදනයක් කරලා තියෙනවා. මෙහිදී මේ බදු ප්‍රතිපත්තියේ අංග දෙකක් තියෙනවා.”
මින් VAT බදු ලෙස අය කර ගැනීමට යෝජනා කර තිබෙන 18% සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ලංකාවට ඩිජිටල් සේවා හා අනෙකුත් එවැනි ඊට අනුශාංගික වූ සේවා සපයන සේවා සපයන ආයතන වෙතින් අය කෙරෙන මෙම බද්ද පිළිබඳ සංවාදය 2023 වසරේ සිට ම පැවති බව ය.
ලංකාවට සේවා සපයන දැවැන්ත සමාගම් වන ෆේස්බුක්, යූටියුබ්, ගූගල් වැනි ආයතන වලින් බදු අය කිරීම සම්බන්ධයෙන් ගැටලු පැන නැගී තිබේ.
ඊට මූලික හේතුව මෙම සමාගම්වලට ලංකාවේ නියෝජිත ආයතන නොමැති වීම ය. මෙම සමාගම් ලංකාවේ සේවා සපයන නිසා ඔවුන්ගෙන් බද්දක් අය කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇත.
මෙම සමාගම් වලින් VAT බද්ද අය කිරීමට ආසියානු අන්තර්ජාල සංවිධානය එකඟ වී තිබෙන බව ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ය. “මෙම VAT බද්ද පාරිභෝගිකයාගෙන් ලබාගෙන ගෙවීමටයි සැලසුම් කරලා තියෙන්නේ.” “ඊළඟ එක තමයි ආදායම් බද්දක් හැටියට සේවා සපයන්නන්ගෙන් අය කරන්න යන බද්ද. ජනතා විමුක්ති පෙරමුණ/ ජාතික ජන බලවේගය බලයට පැමිණෙනවා.
දැන් අද විහිළුවක් වෙලා තියෙන්නේ මේවා ජාතික ජන බලවේගය පැමිණිච්ච අවස්ථාවේ ගහපු ඉංජිනේරු සේවා ප්‍රතිපත්ති ප්‍රකාශන. මේවා ඔක්කොම අද විහිළුවක් වෙලා තියෙන්නේ. හැම අකුරක් පාසාම බොරුවක් කෙබරයක් හා විහිළුවක් බවට පත් වෙච්ච ඒවා තමයි මේවා. මේකේ සඳහන් වෙනවා
