සංජීව ඝාතනය සම්බන්ධයෙන් තවත් දෙදනෙක් අල්ලයි

By Gagana News Mar 01, 2025 03:28 AM GMT
Report

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පහත නම් සඳහන් සැකකරුවන් දෙදෙනාව ඊයේ (28) මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව අපරාධය මෙහෙයවීමට භාවිත කරන ලද සිම්පත් ලබාදී මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම යටතේ සැකපිට උදාර නිර්මාල් ගුණරත්න නම් 28 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනුණි. මෙම සැකකරු මැදගොව්ව, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සා.පෙළ විභාගය ගැන දැනුම්දිමක්

සා.පෙළ විභාගය ගැන දැනුම්දිමක්

අනෙක් සැකකරු වන්නේ නලින් දුෂ්‍යන්ත නම් 31 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සැකකරු මිනුවන්ගොඩ පාර, දූනගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුව ද අත්අඩංගුට ගෙන ඇත්තේ ඉහත චෝදනාව යටතේය.

2025.02.19 වනදා අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කෙරුණි.

ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය තවදුරටත් විමර්ශන සිදුකරයි.

 

නව VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..

නව VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..