ස්පා එන මුවාවෙන් සුද්දෙ දමයි... ස්පා හිමියන් පරිස්සමින්
කඩවත හා කිරිබත්ගොඩ ආශ්‍රිත ප්‍රදේශවල සම්බාහන මධ්‍යස්ථානවලට කඩා වැදී තියුණු ආයුධවලින් පහර දී මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකෑ සංවිධානාත්මක කොල්ල කල්ලියක් කොටුකර ගැනීමට මිනුවන්ගොඩ පොලිසිය සමත්වුණා.
එම කණ්ඩායම කිරිබත්ගොඩ සම්බාහන මධ්‍යස්ථානයකට කඩා වැදී එහි සිටින තරුණියන්ට හා පුද්ගලයින්ට පහරදී ඇති බවයි වාර්තාවුණේ.
සම්බාහන මධ්‍යස්ථානයේ සේවය ලබා ගැනීමට බව පවසමින් ඊට ඇතුළු වී පසුව තියුණු ආයුධවලින් පහර දී මුදල්, ජංගම දුරකථන, රන් ආභරණ ඇතුළු භාණ්ඩ රැසක් ඔවුන් එහිදී කොල්ල කා තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන vedio ආශ්‍රයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුවත් සිද්ධිය කුමක්දැයි සහ ස්ථානය සම්බන්ධයෙන් කිසිඳු සටහනක් නොතිබුනා.
මොවුන් පසුගිය 06 වැනිදාද කඩවත පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ලකා තිබූණා.
