පියා කැපූ වලේ වැටී බාල පුත්‍රයා ජීවිතක්ෂයට
පියා කපා තිබූ වැසිකිලි වලකට වැටී 8 හැවිරිදි බාල පුත්‍රයෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලිසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ බගවන්තලාව, කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි එම වතුයායේම පාසලක 3 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හෙලෝන් සසාන් නම් සිසුවෙක්.
ඒ අනුව බගවන්තලාව පොලිස් වසමට අයත් කිව් වතුයායේ ඉහළ කොටසේ වතුකම්කරුවෙකු අලුතින් ඉදි කරමින් පවතින නිවසට වැසිකිලියක් ඉදි කිරිමට අඩි 06ක පමණ ගැඹුරකින් යුත් වලක් කපා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන පොලිසිය සැක පළ කරන්නේ එම වලේ වැසි ජලය පිරි තිබෙන විට ඒ අසළින් ගමන් කිරිමට තැත්කල පාසල් සිසුවා එම වළට වැටෙන්නට ඇති බවටයි.
එසේම තම පුත්‍රයා නිවසේ නැති නිසා තමන් ඒ සම්බන්ධයෙන් සොයා බැලූ බවත්, සැක සිතී නව වැසිකිලිවල ඊයේ දින පස්වරු 5:00ට පමණ පරික්ෂා කිරිමේදි එම වල අසළ තම පුත්‍රයාගේ පාවහන් යුගල තිබූ බවත් පියා පොලිසියට ප්‍රකාශ කර ඇත.
ඉන්පසු ඒ සම්බන්ධයෙන් සැක සිතී පසුව වල තුලට බැස පරික්ෂා කිරිමේදි ඒ තුල තම පුත්‍රයා වැටී සිටි බවත්, පසුව අසල්වාසීන්ගේද සහයෝගය ඇතිව දරුවා දික්ඔය මූලික රෝහල වෙත ප්‍රතිකාරවලට වහාම රැගෙන ගියත් රෝහල්ගත කරන විටත් තම පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව සිටි බව වෛද්‍යවරු සඳහන් කළ බවත් මියගිය දරුවාගේ පියා සඳහන් කරයි.
මේ අතර ජීවිතක්ෂයට පත් සිසුවාගේ සිරුර දික්ඔය මූලික රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණයට තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ සිදුකරන බව සඳහන්.
