යෝෂිතගෙයි ඩේසි ආච්චිගෙයි නඩුව කල් යයි, ආයේ ඔක්තෝබර් 29 එන්නලු

Report

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට විරුද්ධව ගොනු කර ඇති නඩුව එලඹෙන ඔක්තෝබර් මස 29 වන දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව අද කැඳ වූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

රනිල්ගේ පෞද්ගලික ලේකම් අද CIDයට

රනිල්ගේ පෞද්ගලික ලේකම් අද CIDයට

එසේ වුවද එම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න අද දින රාජකාරි නිවාඩු ලබා සිටීම නිසා එම නඩුව නැවත එළඹෙන ඔක්තෝබර් මස 29 වනදා කැඳවන ලෙස එම අධිකරණය විසින් නියම කර ඇති බව සඳහන්.

පහුගිය 2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ නීති විරෝධී ආකාරයට උපයාගත් රුපියල් මිලියන 59 කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා මඟින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

අවුරුදු 10ට පස්සේ තවත් සංගණනයක්, ඉදිරිපත් නොවුනොත් බලපත්‍ර අලුත් කරන් නෑ

අවුරුදු 10ට පස්සේ තවත් සංගණනයක්, ඉදිරිපත් නොවුනොත් බලපත්‍ර අලුත් කරන් නෑ

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව