රනිල්ගේ පෞද්ගලික ලේකම් අද CIDයට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම්වරිය වන සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (04) දිනයේ කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ ජනපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් සිදු කළ විදෙස් සංචාරයකට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් බවයි ආරංචි වන්නේ.
එමෙන්ම මීට අදාළව හෙට (05) දිනයේ හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක ද CIDයට කැඳවා ඇති බව සඳහන්.