හැමෝම බලන් හිටපු ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය ශ්‍රී දළදා පෙරහර මේ දින වල වීථී සංචාරය කරමින් පවතී.
ඒ අනුව අද රාත්‍රී 6.52ට යෙදෙන සුබ මොහොතින් පළමු රන්දෝලි පෙරහර පිටත් වීමට නියමිතව ඇති බව සඳහන්.
මෙවර දළදා පෙරහැරේ 5වන සහ අවසන් කුඹල් පෙරහර ඊයේ පස්වරු 6.43ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කර ඇත.
එසේම මෙවර මගුල් ඇතු වශයෙන් දළදා කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි වූයේ කතරගම වාසනා හස්තියාටයි.
මේ අතර පෙරහර ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වී ශ්‍රී දළදා වීදිය, ඩි.එස් සේනානයක වීදියෙන් හැරී පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීදිය, ශ්‍රීමත් බෙන්ට් සොයිසා වීදිය හා ඊ.එල් සේනානයක වීදියේ ගමන් කර හරස් වීදීය ඔස්සේ ඩී.එස්. සේනානායක වීදියට පැමිණ රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතව ඇත.