දොර කඩාගෙන ගෙට පැනලා ගැබිණි කතට අතවර කෙරූ නරුමයා

Sri Lanka Police Sexual harassment Gossip Today gagana news
By Mithu Aug 04, 2025 05:24 AM GMT
Mithu

Mithu

Report

උඩ කරවිට, පිටකන්ද ප්‍රදේශයේ නිවසක දොරගුළු කඩා නිවසට ඇතුළු වී ගර්භණී කාන්තාවකට අතවර කළ  සිදුවීමක්සැ පිළිබඳව වාර්තා වේ.

ඒ අනුව මෙම සිදුවීමට මුල් වූ සැකකරු ඉකුත්දා (01දා) අත්අඩංගුවට ගත් බව දෙල්වල පොලිසිය පැවසීය.

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

මෙම සිදුවීම සිදුවී ඇත්තේ උඩ කරවිට, පිටකන්ද ප්‍රදේශයේ නිවසක බවත් රාත්‍රි කාලයේ එම නිවසට ඇතුළු වූ පුද්ගලයකු එම ගර්භණී කාන්තාවගේ කොණ්ඩයෙන් අල්ලා පහරදී අතවර කර ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව විමර්ශනය කර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

එම ගර්භණී කාන්තාවගේ සැමියා රැකියාවට ගොස් සිට ඇති අතර ඔහු පැමිණීමට තරමක් රෑ වන බවත් ඒ බව දැන සිටි සැකකරු එම නිවස වෙත ගොස් දොර කඩා ඇතුළු වී මෙලෙස පහරදී අතවර කර ඇති බව පොලිසිය පැවසීය.

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

පසුව සැමියා යතුරුපැදියෙන් පැමිණෙන හඬ ඇසී ඔහු පලාගොස් ඇති අතර ඔහු පැමිණ ඇත්තේ හඳුනා ගැනීමට නොහැකි වන සේ මුහුණ ආවරණය කරගෙන බව එම සිද්ධියට මුහුණ දුන් කාන්තාව ප්‍රකාශ කළ බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි දෙදරු පියකු බවත් ඔහු සන්තකයේ තිබී කොටන තුවක්කුවක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

ReeCha