31ට කලින් මේ දේවල් නොදෙන නිළධාරීන්ට වැඩ වරදියි - මෙන්න විස්තරේ

Report

නව රජය බලයට පත්වීමත් සමගම නීතිය සැමට පොදු ලෙස ක්‍රියාත්මක කිරීමට සෑම විටම කටයුතු කරයි.

ඒ අනුව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී නියමිත කාල සීමාවන් සහ නීතිමය ප්‍රතිපාදන දැඩිව අනුගමනය කළ යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙයි.

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීමට කල්තියා කාලය වෙන් කර තිබුණ ද 2024 අගෝස්තු 31 වන දින වන විටත් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානියා වෙත භාරදීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 90 වගන්තිය ප්‍රකාරව නඩු පැවරීමට කටයුතු කරන බව කොමිෂන් සභාව අවධාරණය කරයි.

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ප්‍රමාද වී භාර දෙන නිලධාරීන්ගෙන් පරිපාලන දඩ මුදල් අය කිරීමටද තීරණය කර තිබේ.

ජනාධිපති ලේකම් බිරිද නිල රථයෙන් යද්දී අනතුරක් - පවුලක්ම රෝහලේ

ජනාධිපති ලේකම් බිරිද නිල රථයෙන් යද්දී අනතුරක් - පවුලක්ම රෝහලේ

මෙතෙක් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන් සිටී නම්, එම ප්‍රකාශ කඩිනමින් ආයතන ප්‍රධානියා වෙත භාර දී, නියම විය හැකි දඩ මුදල අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කොමිෂන් සභාව දැනුම් දෙයි.

මෙම වර්ෂයේ මාර්තු 31 දිනට අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර දිය යුතු නිලධාරීන්ට, එම ප්‍රකාශ ආයතන ප්‍රධානියා වෙත භාර දීම සඳහා ජුනි 30 වන දින අවසන් දිනය ලෙස දැනුම් දී තිබුණි. ජුනි 30 දිනට පසුව ඉදිරිපත් කරනු ලබන වත්කම් සහ බැරකම් ප්‍රකාශ, ආයතන ප්‍රධානීන් විසින් භාරගත යුතුය.

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

යම් හෙයකින් ආයතන ප්‍රධානියෙක් එම ප්‍රකාශ භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් සහ බැරකම් අංශය වහාම දැනුවත් කරන ලෙස වැඩිදුරටත් සඳහන් කරයි.

මාලිමා මන්ත්‍රී සෙට් එකක් රනිල්ට සහය දෙනවද? නව ආණ්ඩුවක ලකුණු

මාලිමා මන්ත්‍රී සෙට් එකක් රනිල්ට සහය දෙනවද? නව ආණ්ඩුවක ලකුණු