මහනුවර- නුවරඑළිය මාර්ගය ගැන ඉදිරි පැය 36 තුළදී දැනුම්දීමක්

Report

මහනුවර ගම්පොළ හරහා නුවරඑළිය මාර්ගය රථවාහන සඳහා විවෘත කිරීමේ තීරණය ඉදිරි පැය 36 තුළදී දැනුම් දෙන බවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි පවසා ඇත.

ඒ අනුව මේ වන විට මාර්ගය රථවාහන ගමනා ගමනය වෙනුවෙන් යථා තත්ත්වයට පත් කර තිබුණද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් රථවාහන ගමනාගමනයට අඳාළ නිර්දේශ ලැබෙන තුරු මාර්ගය විවෘත නොකරන බවත් සඳහන්.

එසේම අඳාළ නිර්දේශ ලැබුණු විගස ඒ අනුව මාර්ගය විවෘත කිරීම පිළිබඳව දැනුම් දෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර‍යි. පසුගිය ආපදා තත්ත්වයෙන් මෙම මාර්ගයට දැඩි හානි සිදු විය.

ආයේ මෙහෙන් බර වාහන ධාවනය සම්පූර්ණයෙන්ම තහනම්

ආයේ මෙහෙන් බර වාහන ධාවනය සම්පූර්ණයෙන්ම තහනම්

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඒ වගේම ආරක්ෂක අංශ නිලධාරීන් මෙම මාර්ගයේ පැති දෙකක සිට එම සුන්බුන් ඉවත් කරමින් මාර්ගය පිළිසකර කරමින් ඉදිරියට පැමිණි අතර එම කණ්ඩායම් දෙකම මහනුවර නුවරඑළිය මාර්ගයේ මැද කොටසේදී හමු වූ බවත් විමල් කණ්ඩම්බි සඳහන් කරයි.

කෙසේ වෙතත් ඉදිරියේදී මෙම මාර්ගය රථවාන සදහා විවෘත කළ ද මාර්ගය මුළුමනින්ම අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවන අතර ඒ සඳහා තවත් කාලයක් යනු ඇති බවද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා ඇත.

NBRO නිර්දේශ අනුව මහනුවර නගරයම ඉවත් කරන්න වෙයි - ලාල් කාන්ත

NBRO නිර්දේශ අනුව මහනුවර නගරයම ඉවත් කරන්න වෙයි - ලාල් කාන්ත

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි