ජීවිත තුනක් බිලිගත් මාදම්පේ ඛේදවාචකය!

Accident Srilanka Bus
By Shehan Mar 10, 2025 01:54 AM GMT
Shehan

Shehan

Report

 මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් කුඩා දැරිවියක් ඇතුළු කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය පැවසීය.

පද්මේගේ සමීපතමයෙක් අත්අඩංගුවට

පද්මේගේ සමීපතමයෙක් අත්අඩංගුවට

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 32,36 හැවිරිදි හා වයස අවුරුදු එකක් වන මිනුවන්ගොඩ හා රාගම ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලීසිය පැවසුවේය.

ආණ්ඩුවට ළදරු මරණයක්!

ආණ්ඩුවට ළදරු මරණයක්!

ඊයේ (09) පස්වරුවේ තලවිල සාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යට සහභාගී වී නැවත නිවෙස් කරා ගමන් කරමින් සිටිය දී අදාළ අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ReeCha