රිටිගල වනාන්තරය වෙන් කළේ කාටද?

Report

රිටිගල වනාන්තරය අලි ඇතුන් වෙනුවෙන් වෙන් කර ඇත.

  රිටිගල දැඩි ස්භාවික රක්ෂිතය වටා පිහිටා ඇති මෙම වනාන්තරය නුවර කලාවියේ උසම කඳු වැටිය වන රිටිගල කඳු වැටිය වටා විහිදී යනු ලබයි .

වියළි කලාපයේ පිහිටා තිබුනද තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ හා ශාක රාශියක් වැවෙන සිසිල් දේශගුණයකින් යුතු මෙහි ශ්‍රි ලංකාවට අවේණික ශාක හා සත්ව ප්‍රජාවන්ගෙන් යුක්ත ඉතා ඉහළ ශාක හා සත්ව ජෛව විවිධත්වයකින් යුතු වටිනා වනාන්තර පාරිසරික පද්ධතියකි .

මෙම වනාන්තරයෙහි ඕකිඩ් විශේෂ, සපුෂ්ප ශාක දකින්නට ලැබේ ඒ වගේම පක්ෂි විශේෂ , අලියා, වලසා, ගෝනා, මුවන් ඇතුළු ක්ෂීරපායී විශේෂ, උරගයින් ඇතුළු සත්ව ප්‍රජාවන් රැසක් සඳහා වාසස්ථාන සපයනු ලබයි .

වනස්පති ජාතික වැඩසටහන යටතේ ජගත් පරිසර දිනයේදී රක්ෂිතයක් ලෙස ආරක්ෂා වීමට නියමිතව තිබේ.

සමාජ මාධ්‍යයේ වයරල් වුණ කුලී රථ රියදුරු මංකොල්ලයට පුද්ගලයෙකු අත් අඩංගුවට

සමාජ මාධ්‍යයේ වයරල් වුණ කුලී රථ රියදුරු මංකොල්ලයට පුද්ගලයෙකු අත් අඩංගුවට

රිටිගල සංරක්ෂණ වනාන්තරය අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අඩවියේ කැකිරාව, පලුගස්වැව හා තිරුප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් හෙක්ටයාර 1957.07කින් යුක්ත වනාන්තරයකි.

 මල්වතු ඔය ඇතුළු ජල මූලාශ්‍ර සදහා ජල පෝශක ප්‍රදේශයක් හා පුරා විද්‍යා වටිනාකමින් යුක්ත මෙම වනාන්තරය වියලි කලාපයේ පිහිටා ඇති අධි සංවේදී පාරිසරික පද්ධතියක් වේ .

රුපියල අවප්‍රමාණය වෙයි - අද ඩොලරයේ මිල ගණන්

රුපියල අවප්‍රමාණය වෙයි - අද ඩොලරයේ මිල ගණන්