රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ අඩාල වන ලකුණු.
Sri Lanka
Ministry of Health Sri Lanka
Hospitals in Sri Lanka
By Wayomi
රජයේ රෝහල්වල විකිරණ, CT, PET හා MRI ස්කෑන් පරීක්ෂණ ද අඩාල වීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය හේතුවෙන්.
මේ වනවිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් 400 කගේ පමණ හිඟයක් පවතින බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ කර සිටියේ, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, අනුමැතිය ලද වහා බඳවා ගැනීම් සිදුකරන බවයි.
