කොංගෝ රාජ්‍යයේ පල්ලියකට ප්‍රහාරයක් - 38 දෙනෙකු ජීවිතක්ෂයට
කොංගෝ රාජ්‍යයේ පල්ලියකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් 38 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ISIS සමඟ සම්බන්ධතා ඇති බවට චෝදනා එල්ල වී ඇති ADF (Allied Democratic Forces) නමැති කැරලිකාර කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බව වාර්තා වේ. කැරලිකරුවන් පිරිසක් ගිනිඅවි සහ තියුණු ආයුධ භාවිතා කරමින් මෙම ඝාතන හා පහරදීම් සිදුකර ඇත.
මෙම ප්‍රහාරයෙන් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ, ADF කැරලිකරුවන් නිරන්තරයෙන් සිවිල් ජනතාව ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන බවයි. මෙම ප්‍රහාරයත් සමඟ එම ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ බරපතල අවධානයක් යොමු වී ඇති බවත්, බලධාරීන් විසින් තත්ත්වය පාලනය කිරීමට පියවර ගනිමින් සිටින බවත් වාර්තා වේ.