රතු නිවේදනයක් - හෙට 8.30 වනතුරු වලංගු බව දිවයිනටම දන්වයි[UPDATE]

Report

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා අද (14) දින උදෑසන 9.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (15) දින උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන බව සඳහන්.

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පවතින අතර, එය ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු ඇති බව අපේක්ෂා කරයි.

ඊසානෙන් පවතින අඩු පීඩන කලාපය නිසා අද 1 න් පසු වෙන්නේ මේකයි - ‍ලංකාවටම දැනුවත් කිරීමක්

ඊසානෙන් පවතින අඩු පීඩන කලාපය නිසා අද 1 න් පසු වෙන්නේ මේකයි - ‍ලංකාවටම දැනුවත් කිරීමක්

එසේම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.

කෙසේ වුවද ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනුම්දීමක් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සුභ ආරංචියක් එළියට

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනුම්දීමක් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සුභ ආරංචියක් එළියට

අද බලනකල් ඉවසිල්ලක් තිබ්බෙ නැති දවසේ ලග්න පලාපල මෙන්න

අද බලනකල් ඉවසිල්ලක් තිබ්බෙ නැති දවසේ ලග්න පලාපල මෙන්න

Gallery