අධි ගංවතුර තත්ත්වයක් නොවුණත් මේ ගංගාවල ජල මට්ටම අවදාන‍ය යොමු කළ යුතු මට්ටමක බව දැනුම්දෙයි

Report

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කළු ගඟේ උප ගංඟා ද්‍රෝණින් වන මඟුරු ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම් අවදානය යොමු කළ යුතු මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මඟුරු ගඟ, මඟුර ප්‍රදේශයෙන් සහ කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් අවධානය යොමුකළ යුතු මට්ටමට පැමිණ තිබෙන බවයි.

රතු නිවේදනයක් - හෙට 8.30 වනතුරු වලංගු බව දිවයිනටම දන්වයි

රතු නිවේදනයක් - හෙට 8.30 වනතුරු වලංගු බව දිවයිනටම දන්වයි

මේ අතර ඇදහැලෙන අධික වැසි සමඟ ප්‍රධාන ජලාශ 73න් 18ක් මේ වන විට වාන් දමමින් පවතින බව සඳහන්.

කෙසේ වුවද අධි ගංවතුර තත්ත්වයක් හෝ ප්‍රධාන ගංවතුර මට්ටමක් දක්වා වැඩිවීමට තරම් වර්ෂාපතනයක් මේ දක්වා ලැබී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බව සඳහන්.

තවමත් පවතින අඩු පීඩන කලාපය නිසා ඉදිරි දිනවල මුහුද කැළඹෙන ලකුණු - මේ අයට විශේෂ දැනුම්දීමක්

තවමත් පවතින අඩු පීඩන කලාපය නිසා ඉදිරි දිනවල මුහුද කැළඹෙන ලකුණු - මේ අයට විශේෂ දැනුම්දීමක්

වැස්ස සමඟ නායයෑම් අවදානම වැඩි වෙයි - ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

වැස්ස සමඟ නායයෑම් අවදානම වැඩි වෙයි - ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්