ලොව ධනවත්ම නළුවන් අතරට ගිය ෂාරුක් ඛාන්..(PHOTO)
By Hashini
ලොව ධනවත්ම නළුවන් 10 දෙනාගේ ලැයිස්තුවට අනුව බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් සිව්දෙනා අතරට පත් වී ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ලැයිස්තුවේ පළමු හා දෙවන ස්ථානවල පසු වන්නේ ඇමෙරිකාවේ ප්‍රහසන නළුවන් දෙදෙනකි.
එහි තුන්වන තැනට පත්ව ඇත්තේ ඇමරිකාවේ නළුවෙකු වන ඩ්වේන් ජෝන්සන්ට හිමිව තිබෙනවා.
ෂාරුක් ඛාන්ගේ වත්කම ඇමෙරිකන් ඩොලර් මිලියන 770 ක් බව ද පැවසෙනවා.
අවසන් වරට ෂාරුක් රංගනයෙන් දායක වූ ‘පඨාන්’ සහ ‘ජවාන්’ ඉහළ ආදායමක් ඉපැයූ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ බොලිවුඩ් සිනමා නිර්මාණයන් වනවා.
ෂාරුක්ගේ මීළඟ සිනමා නිර්මාණය වන්නේ,රාජ්කුමාර් හිරානි අධ්‍යක්ෂණ කරනු ලබන ප්‍රහසන චිත්‍රපටයක් වන ‘ඩුන්කි’ ය.
එම චිත්‍රපටය දෙසැම්බර් 22 වැනිදා තිරගත වීමට නියමිත බව පැවැසෙනවා.