රජය ඇණවුම් කළ සහල් තොග සතොස හා සමූපකාර හරහා බෙදා හැරීම අද සිට..

By Piyumika Jan 01, 2025 04:52 AM GMT
Report

රජය ඇණවුම් කළ සහල් තොග ලක් සතොස හා සමූපකාර හරහා බෙදා හැරීම අද(01) සිට ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

"හෙට රටට ඉර පායන හැටි දකින විට පවසා ගැනීමට නොහැකි හැගීම් උල්පතක් මගේ හදවත මත උපදයි".. ලක් මවට ණය නැති අභීත සිංහයකුගේ සමුදීම..

"හෙට රටට ඉර පායන හැටි දකින විට පවසා ගැනීමට නොහැකි හැගීම් උල්පතක් මගේ හදවත මත උපදයි".. ලක් මවට ණය නැති අභීත සිංහයකුගේ සමුදීම..

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඇණවුම් කළ සහල්වල පළමු සහල් තොගය මේ වනවිට දිවයිනට ලැබී ඇති බවයි.

එහි සහල් මෙට්‍රික්ටොන් 780ක් වේ. ඉන් සහල් මෙට්‍රික්ටොන් 200ක් ලක් සතොස හරහා අලෙවි කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය මෙන්න..

මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය මෙන්න..

සභාපතිවරයා පැවසුවේ, තවත් සහල් මෙට්‍රික්ටොන් 26000ක් ඇණවුම් කිරීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා අවසන් කර ඇති බවයි.

මේ අතර පෞද්ගලික අංශය මගින් ඇණවුම් කළ සහල් මෙට්‍රික්ටොන් 80000ක් වෙළෙඳපොළට මුදා හැර ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ ය.

You may like this video