මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය මෙන්න..

By Piyumika Jan 01, 2025 03:41 AM GMT
Report

අයවැය විවාදය පෙබරවාරි මස 18 සිට මාර්තු 21 දක්වා දින 26ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

ඒ අනුව අයවැය පෙබරවාරි 17 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

"හෙට රටට ඉර පායන හැටි දකින විට පවසා ගැනීමට නොහැකි හැගීම් උල්පතක් මගේ හදවත මත උපදයි".. ලක් මවට ණය නැති අභීත සිංහයකුගේ සමුදීම..

"හෙට රටට ඉර පායන හැටි දකින විට පවසා ගැනීමට නොහැකි හැගීම් උල්පතක් මගේ හදවත මත උපදයි".. ලක් මවට ණය නැති අභීත සිංහයකුගේ සමුදීම..

පෙබරවාරි 18 සිට පෙබරවාරි 25 දක්වා දින 07 ක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර 25 වනදා පස්වරු 06 ට ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

එමෙන්ම, අයවැය තෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වැනිදා දක්වා සෙනසුරාදා දින 04ක් ද ඇතුළුව පැවැත්වෙනවා.

මාර්තු 21 වැනිදා පස්වරුවේ තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

You may like this video