වැඩි මිලට සහල් අළෙවි කරල හමාරයි..එහෙම කලොත් දඬය ලක්ෂ 10යි..
By Aruna
උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අළෙවි කළ සුපිරි වෙළඳසැලකට මෙතෙක් ඉහළම දඩය ලෙස රුපියල් ලක්ෂ 10 ක් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරනු ලබයි.
රුපියල් 220 ක් මිල නියම කර තිබෙන සුදු කැකුළු කිලෝවක් රුපියල් 255 කට අළෙවි කිරීම හේතුවෙන් මෙම ලක්ෂ 10 ක දඩය අධිකරණය මගින් නියම කර ඇත්තේ කැළණිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට බවද අධිකාරිය පවසා තිබේ.
මෙයට අමතරව වැඩි මිලට සහල් අළෙවි කළ පිටකොටුව වෙළෙඳ සමාගමකට රුපියල් 750,000 ක දඩයක් මාලිගාකන්ද අධිකරණය මගින් නියම කළ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.
You May Like This Video