සහල් වර්ගවල හිඟයක් - සහල් යළි ආනයනයට අවධානය

By Shehan Apr 02, 2025 09:07 AM GMT
Report

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම සඳහා සහල් නැවත ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ ඉදිරිපත් කර ඇත.

අස්වනු නෙළන කාලයක වුවත්, මේ වන විට වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යාමක් දක්නට ලැබෙන බවත්, ඇතැම් සහල් වර්ගවල හිඟයක් පවතින බවත් රජය පවසයි. මේ අනුව, ප්‍රමාණවත් සහල් තොග පවත්වා ගැනීම සඳහා සහල් ආනයනය කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීම මෙහිදී සාකච්ඡාවට ලක් විය.

ජපානයට ඉතා දරුණු ගණයේ අනතුරු ඇඟවීමක් -ලංකාවට බලපෑමක්?

ජපානයට ඉතා දරුණු ගණයේ අනතුරු ඇඟවීමක් -ලංකාවට බලපෑමක්?

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීම වෙනුවෙන්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව 5 වැනි වරට ඊයේ (අප්‍රේල් 1) ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් විය.

එහිදී, මෙම වසරේ අධික වර්ෂාව හේතුවෙන් වගා හානි අවස්ථා දෙකකදී සිදුවීම නිසා අපේක්ෂිත අස්වැන්නේ සැලකිය යුතු පහත වැටීමක් ඇති වූ බව ද අනාවරණය විය.

සත්ත්ව ආහාර සඳහා සහල් අවිධිමත් ලෙස භාවිත වීම ද සහල් හිඟයට බලපා ඇති තවත් ප්‍රධාන හේතුවක් බව මෙහිදී පෙන්වා දෙන ලද අතර, සත්ත්ව නිෂ්පාදන කර්මාන්තයේ ආහාර අවශ්‍යතා සඳහා කැඩුණු සහල් ආනයනය කිරීමට සහ ආදේශක ආහාර භාවිතය පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය.

ආණ්ඩුව බඩු මිල අඩුකිරීම, බදු අඩුකිරීම වැනි මෝඩ තීරණ ගන්නේ නෑලු

ආණ්ඩුව බඩු මිල අඩුකිරීම, බදු අඩුකිරීම වැනි මෝඩ තීරණ ගන්නේ නෑලු

ඒ අනුව, කැඩුණු සහල් අවශ්‍ය ප්‍රමාණය නිසි ක්‍රමවේදයන්ට අනුව ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුවේ අනුමැතිය හිමි වූයේය.