වැඩේ ලේසි නෑ.. ඇත්තටම වේල් තුනටම බත් කන එක හොඳයි ද?. මෙච්චර කාලෙකට කෑවට මේක දැනගෙන හිටියේ නෑ නේද?..

Report

ආහාර සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ඕනෑම ආහාරයක් ප්‍රමාණය ඉක්මවා වැඩි වශයෙන් ආහාරයට ගැනීම ශරීරයට අහිතකර බව සහ ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ආහාර පිළිබඳ දුර්මත පැතිරී යන බවයි.

වැඩේ ලේසි නෑ.. ඇත්තටම වේල් තුනටම බත් කන එක හොඳයි ද?. මෙච්චර කාලෙකට කෑවට මේක දැනගෙන හිටියේ නෑ නේද?.. | Rice For Three Meals

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (01) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

ඒ අනුව ග්‍රෑම් 200ක බත් පිඟානක් දිනකට තුන් වේලක් කෑම අගුණ බව ඔහු පැවසීය.

එමෙන්ම, එලෙස ආහාරයට ගැනීම මෙරට දියවැඩියාව, අධික රුධිර පීඩනය, ස්ථුලතාවය හා බුද්ධි හීනතාවය ආදියට හේතු පාදක වන බව ඒ මහතා කියා සිටියේ ය.

තව ද, ආහාරවලට ඇතැම් ලෙඩ රෝග සුවකිරීමේ හැකියාවක් ඇති බවට විවිධ මත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

දෙසැම්බර් වෙනකම් බිත්තර වලට මොකක් වෙයි ද?. තීරණය මෙන්න..

දෙසැම්බර් වෙනකම් බිත්තර වලට මොකක් වෙයි ද?. තීරණය මෙන්න..


නමුත් එලෙස ලෙඩ රෝග සුවකිරීමට ආහාරවලට කිසිදු හැකියාවක් නොමැති බව ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, සාමාන්‍යයෙන් ආහාරයකින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ, පෝෂණය, ශරීර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය හා ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව බවයි.

නමුත් යම් යම් ලෙඩ රෝග සඳහා ඇතැම් ආහාර ගුණ බවට හා ඇතැම් රෝග සුව කිරීමට යම් යම් ආහාර සුදුසු බවට සිදු කරන ප්‍රචාරණයන් අසත්‍ය බව වෛද්‍යවරයා පැවසීය.

එසේ සිදු කරන්නේ නම් ඒ සඳහා විධිමත් සායනික දත්ත ඉදිරිපත් කළ යුතු වේ.

ඔයත් මහජන බැංකුවේ ගණුදෙනුකාරභවතෙක් ද?. විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ඔයත් මහජන බැංකුවේ ගණුදෙනුකාරභවතෙක් ද?. විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ආහාර බලධරයාගේ අවසරය ලබා ගත යුතු බව ද අනවසරයෙන් ප්‍රචාරණය කිරීම නීති විරෝධී වන බව ද ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමේ හැකියාව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ආහාර බලධාරියාට පවතින බව ද ඒ මහතා අවධාරණය කළේ ය.