චීනයෙන් ලංකාවට සහල් ආධාර.
Ministry of Education
A D Susil Premajayantha
Government Of Sri Lanka
China
By Wayomi
චීනය විසින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 5,000ක ආධාරයක් ලබා දී තිබෙනවා.
එම සහල් තොගය නිල වශයෙන් මෙරටට භාර දීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ චීන තානාපති චී සෙන්හොංග් සහභාගීත්වයෙන් සිදු වුණා.
චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් සලකුණක් ලෙස චීන රජය විසින් සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට මෙම ආහාර වැඩසටහන යටතේ සහල් ආධාර ලබා දීමට නියමිතයි.
ඒ අනුව තෝරාගත් පාසල් 7,925ක ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණයෙන් 78%ක ප්‍රමාණයක් ආවරණය වනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
