බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන රියදුරන්ගේ විශ්‍රාම වයසත් දීර්ඝ වෙයි.

Report

බස් රථ ඇතුලු පොදු ප්‍රවාහනය සදහා රියදුරන් බදවා ගැනීමේදී වයස අවුරුදු 60 දක්වා සීමා පනවා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.

ඒ, අනුව ඔහු කියා සිටියේ එම සීමාව වයස අවුරුදු 65 දක්වා පවතින බවයි.

මේ අතර, ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ බස් රථ සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් ආරම්භ කිරීමට සැළසුම්කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති ඊයේ තීරණය කළා.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - වෙනස් වූ මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - වෙනස් වූ මිල ගණන් මෙන්න.

ඒ මගී ආරක්ෂාවට තර්ජනය වන අයුරින් බස් රථවල සවිකර ඇති අනවශ්‍ය කොටස් ඉවත් කීරීමට ලබාදුන් සහන කාලය මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට එකගතාව පළ වීමත් සමඟයි.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සුජීව තෙන්නකෝන් කියා සිටියේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිර්ණායකයන්ට අනුකූලව අලංකරණය කළ සහ අමතර උපාංග සවි කර ලියාපදිංචි සහතිකය ගෙන ඇත්තේ ත්‍රී රෝද රථ සහ බස් රථ 95 ක් පමණක් බවයි. 

මාලිමා ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය ටික චීනයට හේත්තු කරයි. - කැබිනට් අනුමැතිය හිමි වූ එම ගිවිසුම් ලිස්ට් එක මෙන්න.

මාලිමා ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය ටික චීනයට හේත්තු කරයි. - කැබිනට් අනුමැතිය හිමි වූ එම ගිවිසුම් ලිස්ට් එක මෙන්න.


You May Like This Video