දරුවව පාසලට දාගන්න ලක්ෂ තුනක්? අල්ලස් ගත්තට වැඩ වරදී

Report

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු එළැඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

අද (14) දහවල් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කල අතර අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකළ බව සඳහන් කළේය.

විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු අල්ලස් දැලේ

විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු අල්ලස් දැලේ

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ පැමිණිලිකරුගේ වැඩිමහල් දියණිය මෙම වසරේ කොලඹ ප්‍රසිද්ධ පාසලකට ඇතුළත් කර දීම සඳහා රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් ලක්ෂයක මුදලක් අවස්ථා තුනකදී ලබාගෙන ඇති අතර ඉතිරි ලක්ෂ දෙකක මුදල ඉල්ලා ගත් අවස්ථාවේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්

වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අදාළ සැකකරු එළැඹෙන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.